අකුණු සන්නාහකය ගලවන්න ගිය ප්‍රා මන්ත්‍රීට ‘අකුණු’


ඌව පරණගම ඩවුන්සයිඩ් වත්තේ වසා දමා තිබු තේ කම්හලක අකුණු සන්නාහකය හොරෙන් ගැලවීමට ගියැයි සැකපිට වැලිමඩ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු  හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලීසිය කියයි.

වත්තේ මුරකරුට ලොකු අල්ලසක් දී අකුණු සන්නාහකය ගලවා ගැනීමට උදව් ඉල්ලා ඇතැත් මුරකරු  වතු අධිකාරීට දන්වා ත්‍රිරෝද රියත් සමඟ ඔවුන් දෙදෙනා පොලීසියට අල්ලා දී ඇතැයි දැනගන්නට ඇත.