අකුණු අවදානම වැඩිවේ


ඉදිරි සති දෙකේදී අකුණු අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැයි අගභාගය වනතුරු දැනට පවතින අන්තර්මෝසම් තත්ත්වය හේතුවෙන් වරින් වර දිවයිනේ විවිධ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං ඇතිවිය හැකි බවත් ජුනි මස මුල් දින කිහිපයේ සිට නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් උදය කාලයේද වැසි ලැබෙනු ඇතැයි ද කාලගුණ විද්‍යාඥයෝ කියති.

ජා ඇල ප්‍රදේශයේ ගංවතුරින් 1500 ක් පමණ අවතැන්වී සිටිති.