
(එම්.සුසිල් පියන්ත)
බලපිටිය බාහක්මණවත්ත පී.ආර්. ද සිල්වා මාවතේ නිවසකට ඊයේ (7) රාත්‍රියේදී අකුණු සැර වැදී එම නිවස ගිනි ගෙන ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ අකුණු සැර වැදීමෙන් නිවසේ විදුලියට සම්බන්ධ කොට තිබූ සියලුම විදුලි උපකරණ පිච්චී ගොස් ඇති බවද පොලීසිය කියයි.
අකුණ වදින විට නිවෙසේ කිසිවකුත් නොසිටි නිසා කිසිවෙකුගේ ජීවිත හානියක් හෝ කිසිවෙකුටත් තුවාලයක් සිදු නොවූ බවද පොලීසිය කියයි.
අකුණු සැර වැදීමෙන් එම නිවසේ සාලයේ තිබූ ගෘහ උපකරණ මුලුමනින්ම පිලිස්සී ගොස් ඇති බවත් පොලීසිය කියයි.

