ඔරුගොඩවත්ත තෙල්ටැංකියක ගින්නට හේතුව අකුණක් ගැසීම බව අසල් වැසියෝ කියති.
අකුණක් සමග ගින්නක් හටගත් බවත්, කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය එහි ගිය බවත්, මාධ්‍ය වේදිනට ඇතුළට යෑමට ඉඩ නොදෙන බවත් වාර්තා වේ.
‘මහ වැස්සත් සමග අකුණක් වැදුණා. ඒ සමගම තෙල් ටැංකියකින් ගිනි දළු දැක්කා.‘ යැයි අසල් වැසියෙක් ‘එසැණ‘ට කීවේය.
ගින්න විනාඩි පහළොවකින් නිවා දැමිණි.
ගින්න හටගත්තේ බොර තෙල් ටැංකියක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.