කැලණිය දුම්රිය ස්ථානය අසළ අකුණු වැදීමක් හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතිය බිඳවැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ධාවනය කළ නොහැකි ව දුම්රිය පහක් කැලණිය ආසන්නයේ නතරකැර ඇත. දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එම දුම්රිය යළි ධාවන කරවීමට ගතවන වේලාව නිශ්චිතව කිව නොහැකි බවයි.