අකිලට 'සුපර් හීරෝ' චිත්‍රපටයක්


ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නළු අකිල සඳකැළුම්ට අලුත් චිත්‍රපටයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබී තිබේ. උදයකාන්ත වර්ණසූරියගේ 'හිරිපොද වැස්ස' චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවට එක්වූ අකිල, මේ දක්වා බොහෝ චිත්‍රපට හා ටෙලිනාට්‍යය ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත. 'සැඟවුණ මිටියාවත්' නම් වූ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මාර්තු අග හා අප්‍රේල් මස මුලදී ආරම්භ වීමට නියමිතව තිබේ. සිය අලුත්ම සිනමා නිර්මාණය පිළිබඳව අකිල අපට පැවසුවේ මෙවැන්නකි.

20160317Akila01"නිර්මාල් රාජපක්ෂ කියන තරුණ අධ්‍යක්ෂවරයා තමයි 'සැඟවුණ මිටියාවත' චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මෙහි මා ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. මේ 'සැඟවුණ මිටියාවත' චිත්‍රපටයේ විශේෂත්වය තමයි ලාංකේය සිනමාව තුළ නිර්මාණය වන පළමු 'සුපර් හීරෝ' චිත්‍රපටය. හොලිවුඩ් සිනමාවේ තිරගත වූ 'ස්ටාර්වොස්' චිත්‍රපටවල දැක්ක ඇනිමේෂන් තාක්ෂණය මේ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන්. ලෝක දෙකක් අතර සිද්ධ වෙන සටනක් තමයි මෙහි අන්තර්ගතය වෙලා තියෙන්නේ. චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු පවා සිදු වෙන්නේ චිත්‍රපටයටම නිර්මාණය කළ වෙනස්ම පසුතලවල. චිත්‍රපටය සඳහාම පිටරටකින් 4K වර්ගයේ අලුත්ම කැමරාවක් ගෙනැල්ලා තියෙනවා. මම හිතනවා අපේ ලාංකේය ප්‍රේක්ෂකයන්ට 'සැඟවුණ මිටියාවත' චිත්‍රපටය තුළින් අලුත්ම අත්දැකීමක් විඳගන්න ලැබේවි කියලා."

 

"හිරිපොද වැස්ස" චිත්‍රපටයෙන්...

20160317Akila02