අකිලගේ ප්‍රකාශය ගුරු සංගමය හෙළා දකියි


පහේ ශිෂ්‍යත්ව සමතුන්ට මින් ඉදිරියට ජනප්‍රිය පාසල් වරම අහිමි කර ශිෂ්‍යාධාර පමණක් ලබා දෙන බවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් කළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව ලංකා ගුරු සංගමය කියයි.

නිදහස් අධ්‍යාපනයේ පියාගේ ගුණ සැමරුමේදි මෙවන් ප්‍රකාශයක් කිරිමත් අධ්‍යාපන විශේෂඥයින්ගෙන් නොවිමසා මෙවන් තීරණයක් ප්‍රසිද්ධ කිරීමත් විහිළුවක් බවද කියයි.

ළඟම පාසල හොදම පාසල විකල්ප යෝජනාව බිහි කරන්නට අධ්‍යාපන අමාත්‍යංශය උත්සහ නොගන්නා බවට එම සංගමය චෝදනා කරයි.