අකිල - තරිඳු පන්දුවෙන් දස්කම් දක්වති


බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග තුනකින් සමන්විත දෙදින ක‍්‍රිකට් තරගාවලියේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (24) අවසන් වූ පළමු තරගයේදී පිට දඟ පන්දු යවන්නන් වන අකිල ධනංජය සහ තරිඳු කෞෂාල් දස්කම් දැක්වීමට සමත් වූහ.

ඇන්ජලෝ පෙරේරා සහ කිත්රුවන් විතානගේ නායකත්වය දැරූ පළමු තරගය විසඳුමකින් තොරව අවසන් විය.

අකිල ධනංජය ඉනිම දෙකකදී ලකුණු 116 කට කඩුලූ 6 ක් ද, තරිඳු කෞෂාල් ඉනිමකදී ලකුණු 67 කට කඩුලූ 4  ක් ද, දවා ගැනීමට සමත් වූහ.  

මෙහිදී කිත්රුවන් විතානගේ (70), නිරෝෂන් දික්වැල්ල (නොදැවී 69), උදාර ජයසුන්දර (67), ඇන්ජලෝ පෙරේරා (61), චතුරංග ද සිල්වා (53) සහ අෂාන් ප‍්‍රියංජන් (51) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

ඇන්ජලෝ පෙරේරා මෙහෙයවූ පිල - පළමු ඉනිම කඩුලූ 9 ට 244
(ඇන්ජලෝ පෙරේරා 61, චතුරංග ද සිල්වා 53, ගයාන් මනීෂාන් 38, මාධව වර්ණපුර 32, අකිල ධනංජය 60/2, විමුක්ති පෙරේරා 29/2)
 
කිත්රුවන් විතානගේ මෙහෙයවූ පිල - පළමු ඉනිම කඩුලූ 9 ට 265
(කිත්රුවන් විතානගේ 70, උදාර ජයසුන්දර 67, නිරෝෂන් දික්වැල්ල නොදැවී 69, තරිඳු කෞෂාල් 67/4, විශ්ව ප‍්‍රනාන්දු 26/2, සොහාන් බොරලැස්ස 59/2)

ඇන්ජලෝ පෙරේරා මෙහෙයවූ පිල - දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 199
(අෂාන් ප‍්‍රියංජන් 51, මිලින්ද සිරිවර්ධන 42, ගයාන් මනීෂාන් නොදැවී 30, පබසර වඩුගේ 22, අකිල ධනංජය 56/4, ඉෂාන් ජයරත්න 17/3, ෂෙහාන් ජයසූරිය 29/3)