අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති අනිල් ප්‍රියදර්ශන ජාගොඩ මහතාගේ ධූරය තාවකාලික අත්හිටුවමින් අද ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා නියෝගයක් නිකුත් කළේය.
මහාධිකරණ විනිසුරුවරයා මේ නියෝගය කළේ හියාරේ පදිංචි විජය ද අල්විස් නමැති පුද්ගලයකු විසින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පළමු වගඋත්තර කරු ලෙසත්, දෙවැනි වගඋත්තරකරු ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හා අටවැනි වගඋත්තරකරු ලෙස අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති අනිල් ප්‍රියදර්ශන ජාගොඩ මහතා ඇතුළු වගඋත්තර කරුවන් අට දෙනකුට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමිනි.
පෙත්සම් කරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අක්මීමණ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා 31ක් සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් කරුණු ඉදිරිපත් කැර ඇතත් සභාපතිවරයා සිදුකළ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් තීරණයක් නොදුන් බවයි. පෙත්සම් කරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අක්මීමණ සභාපතිවරයා සිය ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීමටත් පළාත් පාලන පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින් ඔහුගේ ධූරය අත්හිටුවමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.
පෙත්සම විභාගයට ගත් මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව නිකුත්කරනතුරු සභාපතිවරයාගේ ධූරය තාවකාලිකව අත්හිටවමින් පෙත්සම විභාගය ජුනි මස 09 වැනිදාට කල්තැබුවේය.

