අක්මීමණ වෙඩි තැබීමක්


(ජේ.කේ.එල්.චාමින්ද )

අක්මීමණ ආනන්ගොඩ ප්‍රදේශයේ නිවසකට අද (23)අලුයම  වෙඩි ප්‍රහාරයක්  එල්ල වී ඇති බැව් අක්මීමණ පොලිසිය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටවත් කිසිදු තුවාලයක් සිදුවී නැති බව ද පොලිසිය පවසයි.නිවසේ ජනේලයකට වෙඩි තැබීමෙන් හානි වී ඇත.

මිලිමීටර් 9 වර්ගයේ  පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකොටට ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී වෙඩි තැබීමට හේතුව  අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධව  අක්මිමන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.