අක්කරෙයිපත්තුව දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරයි


(නිමල කොඩිතුවක්කු සහ මහේෂ් කීර්තිරත්න )

අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස  නම් කිරිමට  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල  සහයෝගය ලබා ගනිමින් ජනතාව මෙම නිරෝධායන නීති පිළිපදින්නේ දැයි නිරන්තර සෝදිසි කිරිම් සිදු කිරිමටද ආණ්ඩුකාරවරිය පළාත් බලධාරීන්ට නියෝග කළාය.  

අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

මේ වන වට අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගින් 58 ක් වාර්ථා වී ඇති අතර කල්මුණේ ප‍්‍රදේශයේද රෝගීන් 86 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා ස`දහන් කර ඇත.

මෙම තත්වය සලකා අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශයේ ජිවත් වන කිසිදු පුද්ගලයෙකු සිය නිවෙස් වලින් බැහැරට නොයන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

එම ප‍්‍රදේශයට අවශ්‍ය ආහාර පාන ජංගම රථ මගින් බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද ඇය අදාළ බළධාරින්ට නියෝග කළාය.