(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ නෙල්ලිවල අලකොළ ඇල්ල ග්‍රාම නිළධාරි වසමේ තරුණ ගොවි මහතෙකුට කුඹුරු අක්කරයක් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 10,000 ක පොහොර සහනාධාර මුදල වෙනුවට රුපියල් 1486 ක මුදල් පමණක් ලැබි ඇති බවට එම ගොවි මහතා චෝදනා කර සිටියි.
පසුගිය ජනවාරි මාසයේ එම මුදල බැංකු ගත කර තිබුණ බවත් තමන්ට කුඹුරු අක්කර එක හමාරක ප්‍රමාණයක් තිබෙන බවත් එයින් අක්කරයක ප්‍රමාණයක් වගා කර තිබෙන බවද පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජි.ඩබ්ලිව් වසන්ත ගොවි මහතා මෙසේ කීය.
මට කුඔුරු අක්කර එක හමාරක ප්‍රමානයක් තිබෙනවා. මම අක්කර එකක ප්‍රමානයක් මෙවර ගොයම් වගා කරලා තිබෙනවා.ඉතින් හෙක්ටයාර් එකක් සදහා රුපියල් 25,000 පොහොර සහනාධාර මුදල් ලබා දෙන බවට රජය මගින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අක්කරයක් සදහා රුපියල් 10,000 මුදල් මට ලැබෙන්න .ඔනෑ.
පසුගිය මස 07 වැනිදා මට බැංකු ගිණුමට රුපියල් 1486 ක වැනි ඉතා අඩු මුදලක් බැර කරලා තිබුණා. මට කැට පොහොර සහ යුරියා පොහොර කිලෝ හැටක් විතර අවශ්‍ය වගා කර ඇති අක්කරය සදහා යොදන්න. ඉතින් රජයෙන් ලබා දුන් මුදලට මිලදී ගන්න පුළුවන් පොහොර කිලෝ නවයක් විතර තමයි .මට රතු කුඩු පොහොර කිලෝ 13 ට ආසන්න ප්‍රමාණයක් ගොවිජන සේවා එකෙන් ලැබුණා.
පොහොර නොමැතිව මගේ කුඔුරේ ගොයම් පදුරු වල වර්ධනය බාල වෙමින් තිබෙනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය