අක්කර පහට වැඩි වතු හිමියන්ටත් පොල් පෝර සහනාධාරය


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙතෙක්  පොල් පොහොර සහනාධාරය දුන්නේ අක්කර පහකට අඩු වතු හිමියන්ට පමණක් වුවත්  අක්කර පහකට වැඩි පොල් ඉඩම් හිමියන් සඳහාත් අක්කර පහක් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රධාන වැවිලි බෝග සඳහා පස් අවුරුදු උපාය මාර්ග ප්‍රතිපත්ති හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා කීය.

"අප දූෂිත රාජ්‍යයක් ලෙස අල්ලස රජ කරපු රාජ්‍යයක්. පාතාල රාජ්‍යයක් ලෙස කිරුළු පළඳවන ලද්දේ හිටපු පාලකයන් විසිනුයි. වැරදිච්ච දේවල් නිවැරදි කරමින් අප රජයක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටිනවා.මේ යන ගමනට ඔබේ ශක්තිය ධෛර්යය තවදුරටත් එකතු කරන්න.අනාගත පරපුර ක්‍රීඩාවෙන් බබලන තැනට පත් කරන්න අප සූදානම්.

එමෙන්ම අප වගා පුනරුත්ථාපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.ඇතැමුන් මහා පරිමාණ වතු අතහැර දමා තිබෙනවා.එහෙම කරන්න දෙන්න බෑ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.