ආණ්ඩු කිහිපයකින් ම අතපසු කැරුණු රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදා හැරීම මහින්ද රාජපක්ෂ ජනපති අතින් මහඔය කුරුඳුවින්නේදී අද පස්වරුවේ සිදුවිය. ඉතාමත්ම නොදියුණු පෙදෙසක් වූ මුංදෙනි මිටියාවතේ කුරුඳුවින්න අවට ගම්වල වැඩි දෙනා හේන් ගොවියෝ වූහ.
මාසයකට රුපියල් 1000 ක් උපයාගත නොහැකි තරමට ඔවුහු පත්ව සිටියහ. රඹකැන් ඔය ජලාශය ඉදිකිරීමත් සමග ගොවි පවුල් දෙදහසකට සෘජුව ද තවත් පවුල් 23,000 වක්‍රව ද ප්‍රතිලාභ ලැබෙන මෙම ජලාශය යටතේ අක්කර 3500 ක් කුඹුරු ද අක්කර 1200 ක ගොඩ ඉඩම් ද වගා කිරීමට නියමිතය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකැරුණු මෙහි වියදම රුපියල් කෝටි 397 ක් විය. රඹකැන් ඔය හරස්කැර අඩි 3600 ක් දිග අඩි 81 උසට නිර්මාණය කළ ජලාශයේ ධාරිතාව අක්කර අඩි 45500 කි.
සද්ධාතිස්ස රජ සමයේ මේ ප්‍රදේශ සශ්‍රීකව පැවති බව ඉතිහාසය කියයි.
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු භද්‍රා කමලදාස මහත්මිය මේ යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ මෙහෙයෙව්වාය.











