ජනාවාස, අධිවේගී මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සඳහා මහා පරිමාණයෙන් කැලෑ එළිවෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.
වව්නියාව මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් රක්ෂිත හතක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර අක්කර 17,780 ක් එළිපෙහෙළි කරමින් අලූත් ජනාවාස පිහිටුවමින් සිටින බවත් උමා ඔය, මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් අක්කර 10,000 කට ආසන්න කැලෑ එළිවෙමින් පවතින බවත් පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා කීවේය.
එමෙන්ම ඉදිරියේදී යාන් ඔය, වයඹ ඇල, කුඹුක්කන් ඔය, හැඩ ඔය සහ නිල්වලා ගඟ යන ව්‍යාපෘති සඳහා ද විශාල ප්‍රමාණයක් වනාන්තර ප්‍රදේශ හෙළි පෙහෙළි වන බවත් හෙතෙම සඳහන් කළේය.

