කොස්ලන්ද මීරියබැද්ද තේ වත්තේ අක්කර 200ක් පමණ නාය ගොස් ඇත.මළසිරුරු දාහතරක් මීට මද වේලාවකට පෙර සොයාගත් බව සහන සේවකයෝ කියති.
යුද හමුදාව, පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ,ආපදා කළමණාකරණ නිලධාරීන් හා සහන සේවකයෝ එහි පැමිණෙමින් සිටිති. මළ සිරුරු සෙවීම ඉතා අසීරු බව ඔවුහු කියති.නාය යන ප්‍රදේශ බැලීමට නොයන ලෙසත් එය ඉතා අනතුරු දායක ලෙසත් පොලීසිය කියයි.

