අක්කයි මල්ලියි කුච්චවේලි කලපුවේ ගිලේ


ත්‍රිකුණාමලයේ කුච්චවේලියේ පොදවකට්ටු කලපුවේ ඔරු පදිමින් සිටි පිරිසක් අතර වූ දැරියක (15) ඇගේ සොහොයුරා (6) ගිලි මියගිය බව පොලිසිය කියයි.  තිදෙනෙකුට පමණක් යා හැකි ඔරුවක අට දෙනෙකු සිටි බවත් ඔරුව පෙරළුන පසු තිදෙනෙකු පීනා ගොඩට ආ බවත් තවත් පිරිසක් ඔරුවේ එල්ලී සිටි බවත් පොලිසිය පවසයි.