ශ්‍රි ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ආඝාතය ඇති විමේ අවදානමක සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත.
රෝගය ඉක්මණින් හඳුනා ගැනිමත්, රෝග ලක්ෂණ පහළ වී පැය හතරහමාරක් ඇතුළත් කර රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කිරිමෙන් මරණය හා ආබාධිතවීම වළක්වා ගත හැකි බව වෛද්‍යවරු කියති.
කට පැත්තට ඇදවීම,මුහුණේ පැත්තක් පණ නැතිවීම, එක් අතක් හෝ පාදයක් පණ නැතිවීම, කතාවේ වෙනසක් ඇතිවීම හෝ කතා කිරිමේදී වචන පැටලෙනවානම් මෙම රෝග ලක්ෂණ ආඝාතයේ රෝග ලක්ෂණ විය හැකි බැවින් පමා නොවි වහාම රෝහලට ගෙන යා යුතු බව ඔවුහු පවසති.
දියවැඩියාව,අධික රුධිර පිඩනය පාලනය නොකරන කාන්තාවන්ටත්,ගර්ඝනි සමයේදී දියවැඩියාවට ගොදුරුවුවන්ටත් සහ උපත්පාලන පෙති භාවිතා කරන කාන්තාවන්ටත් ආඝාත ඇති වීමේ අවධානමක් ඇති බව හඳුනාගෙන තිබේ.
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට ආඝාතයට ගොදුරු විමේ වැඩි ඉඩක් ඇති බව කියවේ.
ලෝකයේ සෑම තත්පර දෙදකට වරක් කොතැනක හෝ කෙනෙකු ආඝාතයෙන් මිය යන බවත් වාර්තා වේ.
ලෝකයේ මරණයට පත්වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගන්නා අතර වැඩිහිටියන් ආබාධිතයන් වන ප්‍රධානම හේතුව බවට ආඝාතය හේතුවන බව හඳුනා ගෙන ඇති බව ආඝාත සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය උදය රණවක මහතා ප්‍රකාශ කළේය.
ආඝාත රෝගයට ගොදුරු වන්නන්ගෙන් තුනෙන් එකක් මිය යන බවත් තුනෙන් එකක් තමන්ගේ එදිනෙදා කටයුත්තක් කර ගැනිමට පවා නොහැකි පරිදි ආබාධිත තත්ත්වයට පත්වන බවත් සහ තුනෙන් එකක් මරණයට පත්වෙන බවත් හඳුනාගෙන ඇත.

