අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අංගොඩ ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින්  පුද්ගලයකු මිය ගොස් තිබේ.

තාරක පෙරේරා (33)  නොහොත්  ‘කොණ්ඩා තාරක‘  නැමැති පුද්ගලයකු මෙලෙස  මියගොස් ඇත.

මෙම පුද්ගලයා   මුල්ලේරියාව ප්‍රදේශයේ පරවියන් අලෙවි කිරීමේ  වෙළෙඳ සලක් පවත්වාගෙන ගොස් ඇති අතර  අද (05) දහවල්  එම ස්ථානයට යතුරු  පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු  ඔහුට වෙඩි තබා පළා ගොස් ඇතැයි  පොලීසිය පවසයි.

 තුවාලකරු මුල්ලේරියාව රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර ඔහු පාතාල කණ්ඩායමක සාමාජිකයකු බවද පොලීසිය සදහන් කරයි.

(36698)