
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ අංගොඩ ලොක්කාට අයත් නවීන පන්නයේ පිස්තෝල, ගිනි අවි, ජීව උන්ඩ සහ මැගසින් මුල්ලේරියාව සැළලිහිණි මාවතේ ඉඩමක වල දමා තිබියදී අද (23) සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ජර්මනියේ නිෂ්පාදිත ගිනි අවියක්,තුර්කියේ නිෂ්පාදිත ගිනි අවියක් ,ජීව උණ්ඩ 30ක් දැමිය හැකි මැගසිනයක්, ජීව උණ්ඩ 15 බැගින් යෙදිය හැකි මැගසින් 3 ක් සහ ජීව උණ්ඩ 14 ක් සොයාගෙන ඇත.
මෙම ගිනිඅවි මෙරට ආරක්ෂක අංශවලට පවා නොමැති ඒවා බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරීයෙක් පැවසීය.


