අංග රචන ශිල්පියා නෙත් පියා ගනී


සිංහල සිනමාවේ සම්මාන ලද ප්‍රවීන වේෂ නිරූපන ශිල්පියකු වු ඊ.ඩබ්.විජේසිංහ මහතා  71 වැනි වියෙහි පසු විය.

සිංහල චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට හා මෙරට රූගත කල විදේශිය චිත්‍රපට රැසක වේෂ නිරූපන ශිල්පියෙකු වූ ඔහු නළුවෙක් ද විය.

දේහය පන්නිපිටිය හෝකන්දර පාරේ අංක 1438/2, දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.