අංකුඹුරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට


මහනුවර අංකුඹුර මුස්ලිම් පල්ලියක් අසලදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් දෙදෙනා පල්ලිය අසල පාර අයිනට වී සිටි බවත් තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබූ බවත් කියති.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට ටී 56 ගිනි අවියක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.  ඔහු පැමිණි බව කියන මෝටර් රිය ද පූජාපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.