සාමන්‍ය ඇඳුමෙන් සැරසී යතුරුපැදියකින් යමින් සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු යාපනය චුන්නාකම් නගර මධ්‍යයේදී කපා කොටා තුවාල කර ඇතැයි පොලිසිය කියයි.
අංක තහඩු නැති යතුරු පැදි තුනකින් ආ බව කියන පිරිසකගේ පහර කෑමට ලක්වූ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.
එලෙස පහර කෑමට ලක්ව ඇත්තේ නවරත්න නම් පොලිස් සැරයන්වරයෙකු සහ හේරත් නම් පොලිස් කොස්තාපල් වරයෙකු බවත්, ඔවුන් දෙදෙනා බුද්ධි රාජකාරියේ නිරත දෙදෙනකු බවත් පොලිසිය පවසයි.
සාමන්‍ය ඇඳුමෙන් ගිය බව කියන දෙදෙනා පොලිසියේ බව දන්නා අඳුනන පිරිසක්ම මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකෙරේ.
අංක තහඩු නැති යතුරු පැදි වලින් යාපනයේ සාමන්‍ය ජනයා නොයන බව චුන්නාකම් ප්‍රදේශවාසීහු කියති.
අවට සීසීටීවී දර්ශන සොයාගෙන ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
යාපනයයේ මිය ගිය සරසවි සිසුවකු වන සුලක්ෂන්ගේ නිවසට කිලෝමීරයක පමණ දුරින් මෙම පහරදීම සිදුවී ඇති අතර සිදුවීම් දෙක අතර සම්බන්ධයක් නැතැයි පොලිසිය කියයි.
චුන්නාගම් සිද්ධිය හැරුණු කොට යාපනයේ කිසිදු කළබලකාරී තත්ත්වයක් නැත.