අ,පුරයුගයේ රෝමයෙන් මාගමට ඇවිල්ලා


ඉපැරණි රෝහණ දේශය හා රෝමය අතර වෙළඳ සබඳතා පැවති බව තහවුරු කෙරෙන වැදගත් සාක්කි දෙකක් හම්බන්තොට බඳගිරියෙන් හා සිතුල් පව්වෙන් ලැබී ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. බඳගිරියෙන් හමුවූ තඹ කාසි අනුරාධපුර යුගයේදී රෝමයෙන් හෝ වෙනත් රටකින් ශ්‍රී ලංකාවට ගෙනෙන්නට ඇතැයි ඔවුහු කියති. පුද්ගල මුහුණු හිරු සංකේත හා තවත් සංකේත මේ කාසිවල දක්නට ඇත.

ශ්‍රී ලංකාවේ ශ්‍රී ලක්ෂ්මී කාසිය හැරුණු විට පුද්ගල මුහුණු කාසි භාවිත කළ බවට සාධක නැති හෙයින් මෙම කාසි විදේශ කාසි විය හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති. හම්බන්තොට බඳගිරියේ පාරක් හදද්දී කාසි 241 ක් සහිත මුට්ටියක් බැකෝ කුල්ලේ වැදී මුට්ටිය බිඳී ඇතැයිද ඊට පසුදිනද එතැනින් තවත් කාසි 40 ක් සොයා ගත්තේ යැයිද පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න හා සංවර්ධන නිලධාරී ඉන්දික ගමගේ මහත්වරු පවසති.

පසුගිය සැප්තැම්බරයෙන් පසු එම ප්‍රදේශයෙන් පැරණි කාසි 2000 ක් පමණ සොයා ගත් බව ඔවුහු කියති. මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත් ගල් කිහිපයක්ද සොයාගෙන ඇත. පසුගිය ජූලියේ ඵෛතිහාසික සිතුල්පව්වේ කැණීම්වලදී මීට බෙහෙවින් සමාන කාසි හමුවිය. එම කාසි රෝම යුගයේ කාසි විය හැකි බව මහාචාර්ය ඔස්මන්ඩ් බොපේආරච්චි කියයි.badhagiriya-coins(1) badhagiriya-coins coins1 coins2 coins3 coins4