අ'පුර බුද්ධශ්‍රාවකේ වහයි


අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන් 34නමකට පාචනය වැළඳීම නිසා සරසවිය ලබන 21 වැනිදා තෙක් වසා දැමූ බව එහි නිලධරයෙක් කියයි.

දින කිහිපයක සිට භික්ෂූන් ලෙඩවී අනුරාධපුර රෝහලෙන් බෙහෙත් ගත් බව ද, වතුරෙන් හා කෑමෙන් එම හිමිවරුන් ලෙඩවන්නට ඇති බව ද සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

200කට ආසන්න භික්ෂූහු එහි උගනිති.