(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේර ෆ්‍රැන්චේ මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අද (21) පැවැත්විණි.
නව රජයේ වැඩපිළිවෙල පිළිබඳව මාර්ක් අන්ඩේර ෆ්‍රැන්චේ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සිය සතුට පළ කළ බවත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමටත් දූෂණය පිටුදැකීමටත් ගෙන ඇති පියවර පිළිබඳව ඒ මහතා සිය ප්‍රසාදය පළ කළ බවත් එම අමාත්‍යංශය පවසයි.
එම වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය දෙන බවත් ප්‍රකාශ කළ බවත් ජාතීන් අතර සමගිය ගොඩනැගීමත් ඇතුළු වැදගත් දේශපාලන හා සමාජීය කාරණා රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.