සංගීතය මුහුවුණු කෙටි චිත්‍රපටයක් රසවිඳීමේ හැකියාව මේ සමග ඇති වෙනවා. චිත්‍රපටය ඇතුළේ කැමරාවකින් වීඩියෝ වූ දෑ දකින්නට ලැබෙන නිසා යම් යථාර්ථවාදී ගතියක් මැවෙන අතර, ඒ අතරින් පතර මුහුවන සංගීතය ඒ හැඟීම් හා සමපාත වීමද සුවිශේෂී අත්දැකීමක් වනු ඇති. චිත්‍රපටයේ එක් දෙබසක් මිනිස් ජීවිතය ගැන සැලකිය යුතු සංවෘත ප්‍රකාශයක් කරනවා. “හැම මිනිහෙක්ගෙම ජීවිත සාර්ථක නෑ මචං. ඕනම මිනිහෙකුගේ මොනවහරි පොඩි හරි වැරැද්දක් තියෙනවා.”
මේ ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂිකා නිපුනිකා ප්‍රනාන්දුගේ අදහසයි.
“මේක කළේ විවාහයක ප්‍රපෝසල්වලින් හරි අෆෙයා එකකින් හරි හම්බෙලා, අඳුනාගැනීමකින් තොරව විවාහයකට ගියාම ඇතිවන සංකීර්ණ තත්ත්වයත්, අනෙකාගේ අඩුපාඩු එක්ක අනෙකා විඳවන හැටි. පොඩ්ඩක් වෙනස් අත්හදා බැලීමක් වෙනුවෙනුයි මියුසික් දැම්මෙ. කතාව පොඩ්ඩක් එක දිගට ෂූට් කරද්දි එන බෝරිං ගතිය නැති කරන්නයි මියුසික් දැම්මෙ.”
අධ්‍යක්ෂණය
- නිපුනිකා ප්‍රනාන්දු
තිර රචනය/ සංස්කරණය
- ලක්ෂිත වීරසේන
කැමරාකරණය
- සුජීව රණතුංග
- ලක්ෂිත ප්‍රසාද් වීරසේන
රංගනය
- ඉන්දික මචාඩෝ
- දිලුත ලක්මාල්
- නිලන්ත රොහාන් හේමන්ත
- රුවිනි අත්තනායක
- ලතා
සංගීතය/ ගායනය
- තුෂාර ගල්ලැස්සගේ
ගිටාර්
- තුෂාර ගල්ලැස්සගේ/ලිෂාන් බණ්ඩාර