අනෝමා වීරසේකරගේ මෙම කෙටි චිත්‍රපටය හුදෙක් යම් සංවේදී කතාවක් ඔබට පවසයි. සරළව එසේ මෙසේ ගනිමු. මාස ගණනක සිට ඔබ යැවූ ලියුම් බොහෝ ගණනකට පිළිතුරු ලෙස ඔබට තනි ලියමනක් ලැබේ. එහි ඇති සුබදායී පළමු පෙළ ඔබ තුළ ඇති කරන ප්‍රීතිය අතිමහත්. ඉතින් ඔබ ඉතිරිය කියවනවා හැරෙන්නට පළමු පේළියේ ආශ්වාදයෙන් ප්‍රීති වුවහොත් ඔබට ඉතිරිවන්නේ කුමක්ද? එය තේරුම් ගන්නට ඔබ මුළු ලියමනම කියවිය යුතුය. ඒ වෙනුවෙන් මෙම කෙටි චිත්‍රපටය නැරඹිය යුතුව ඇත. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා අනෝමා වීරසේකරගේ අදහසයි.
“අපේ ලංකාවෙ කාන්තා ශ්‍රමය ගෘහ සේවිකාවන්ගෙන් හූරන්නවා. මෙතන සංඥාර්ත විදියට පෙන්වන්න උත්සාහ කරනවා. මෙතන පෙන්වන හේදිලා ගිය මුල් කියන්නෙත් ඒ කතාව. මේ උරාගන්නෙ අපේ සාරයයි කියන දේ. මට පෙන්වන්නට උවමනා වුනේ එයයි.”
තිරරචනය/නිෂ්පාදනය/ අධ්‍යක්ෂණය
- අනෝමා වීරසේකර
සංස්කරණය
- ඉන්දික මාරසිංහ
ගායනය
- අරෝෂා සමරදිවාකර
රංගනය
- සුලෝචනා වීරසිංහ
- ප්‍රීති රන්දෙණිය
- මංජු හරීන්ද්‍ර
- නයෝමි දිසානායක
- සුනේත්‍රා කුමාරි
රචින්ත ජයවර්ධන