නිපුනිකා ප්රනාන්දුගේ මෙම කෙටි චිත්රපටය Women and Media Collective කෙටි චිත්රපට උළෙලේ දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. කෙටි චිත්රපටය ඉතා සරළ සහ කෙටි වුවත් එහි පණිවුඩය ප්රබලයි. කිසිවෙකු පාරේ නිකරුනේ මිතුරන් හා කාලය කා දමන අතරතුර යනෙන ස්ත්රීන්ට අපහසුතාවට ලක්වන විසුළු කරනවාද? ඔවුන් ඒ වෙනුවෙන් එරෙහිව ක්රියාකර තිබෙනවාද? මේ එම තත්ත්වයම වෙනත් මාණයකින් සහ ඉන් එහා ගිය දැකීමක්. ඔබ ගැහැනියක කොතරම් සුළු කොට තැකුවත් පිරිමියෙකුට එහා ගිය දැක්මක් ඔවුන් සතු බව පෙන්වන්නට මෙම කෙටි චිත්රපටය කදිම උදාහරණයක්. එසේම එහි විශේෂත්වයක් ලෙස එය මිනිත්තුවකටත් අඩුකාලයකදී නිපදවා තිබීම දැක්විය හැකියි. ඒ සම්බන්ධයෙන් අධ්යක්ෂික නිපුනිකා ප්රනාන්දුගේ අදහස විමසා සිටිමු.
“ඒක මං කරේ ගෑනු අයගෙ මොළේ හැඳිමිටේ කියල තියෙන එක වෙනස් කරන්නයි. තාමත් ලංකාවෙ එහෙමයි කියන්නෙ. පිරිමි අයට එහා ගිය දෙයක් ගෑනුන්ට දකින්න පුළුවන් කියල පෙන්නන්නයි මට ඕන වුනේ. පිටරටකදී ආර්ථික හෝ දේශපාලනික මෙන්ම ඕනෑම දේකදි ගැහැනියකගේ වැදගත්කම ඔවුන් දකිනවා මෙන්ම එය ඔවුන් දකින අනිවාර්ය සාධකයක්. ඒත් ලංකාවේ ගැහැනියක් වාහනයක් පැදෙවුවත් දැන් හැප්පේවි කියලයි හිතන්නෙ. ඕනම දෙයක් වැරදියටයි දකින්නේ. මට පෙන්නන්න ඕන වුනේ තනියෙම පිරිමියා විතරක් නොවී ගැහැනියත් එක්ක සම්බන්ධව ඉදිරියට ගියොත් හොඳ අනාගතයක් තියේවි කියලයි.”
අධ්යක්ෂණය
- නිපුනිකා ප්රනාන්දු
කැමරාකරණය, සහය අධ්යක්ෂණය සහ සංස්කරණය
- මහේෂ් රත්නායක
රංගනය
- දිනිති කුරේරා
- රමේෂ් පෙරේරා
- ලක්ෂාන් පෙරේරා
- යොමාල් පෙරේරා
- ජනිත් පෙරේරා
- විසල් පෙරේරා
- මලිත් තමෙල්
රචින්ත ජයවර්ධන