(ගයාන් සූරිය ආරච්චි)
යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය මුල් ලියාපදිංචි ලෙස මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලවා සංශෝධනය කර දීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගත් බවකියන තැරැව් කරුවෙකු අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම තැරැව්කරු මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු අසල කඩ කාමරයක් තුළදී එම මුදල ලබා ගැනීමේදී අල්ලස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනුලැබීය.
සැකකරු එම මුල් ලියාපදිංචිය සකස් කර දීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ඉල්ලා අත්තිකාරම් වශයෙන් රුපියල් දස දහසක මුදලක් ලබා ගෙන ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.