වර්තමාන සුප්‍රකට ඇමරිකානු ලේඛකයකු වූ "Paul Beatty (පෝල් බීටි)" මෙවර ගෞරවාන්විත "මෑන් බුකර්" සම්මානය උදෙසා තේරී පත්වී ඇතැයි ප්‍රකාශයට පත්වී ඇත. පෝල් විසින් 2015 රචනා කරන ලද, ලොස් ඇන්ජලීස් හි උපනගරයක වන වහල් සේවය සහ ජාතිවාද වෙන්කිරීම් පුනස්ථාපනය කිරීමට උත්සාහ දරණ තරුණයෙකු පිළිබඳ ලියැවී ඇති "The Sellout" නම් නවකතාව උදෙසා මෙම සම්මානය ලැබී ඇති බවද වාර්තා වෙයි. මොහු මෙම සම්මානය දිනාගත් ප්‍රථම ඇමරිකානුවා වීමද සුවිශේෂත්වයකි.