
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහියංගණය ,මීගමුව බඩල්ගම ,කුලියාපිටිය කඳානේගෙදර සහ රත්නපුර පනාමුර පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ නිලධාරීන් සිව් දෙනා සාමාන්‍ය රාජකාරී සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මහියංගණය පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ දකුණු කොට්ඨාසයටද, බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා කුලියාපිටිය කොට්ඨාසයටද, කඳානේ ගෙදර පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර කොට්ඨාසයටද, පනාමුර පොලිස් ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාසයටද සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර යවා ඇත.
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුවීම් ලබාදීමේ නියෝගය පොලිස්පති නීතිඥප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අද ( 5) නිකුත් කර තිබේ.

