ජුලියන් ආනන්තරමණන්ගේ මෙම කෙටි චිත්‍රපටය පවසන්නේ සැළකිය යුතු මට්ටමේ වෙනස් කතාවක්. තමන්ගේ ජනවර්ගයට වෙනස් ජනවර්ගයක තරුණයන් දෙදෙනෙකුට, තමුනුත් දුවත් පමණක් සිටින නිවසක නවත්වා ගන්නට කාන්තාවක් කැමති වන්නේ ඇඳිරි වැටුනු යාමයේ ආගන්තුකයින් දෙදෙනෙකු වුවද අලින් සිටින මහ වනයට නිරාවරණය කළ නොහැකි බැවිනි. ඔවුන් නා, කාබී මැදියම් රැයේ යළි ඇහැරෙන්නෙ කුමකටදැයි මෙම කෙටි චිත්‍රපටයේ වෙයි. කිසිවෙකු නොසිතන යථාරථයක් මවන චිත්‍රපටයේ එහි නමේ අදහසින් මෙන්ම මිනිස් අවශ්‍යතා පිළිබඳ කතාවක් කියයි. ඔබ මෙය නැරඹිය යුතු වන්නේම එහෙයිනි.
“ඒක 2008දියි කළේ. රටේ තියෙන ජාතිවාදී ප්‍රශ්න එක්ක මෙහෙම චිත්‍රපටයක් කරන අදහස මට ආවා. මිනිස්සු ආශ්‍රය කරනවා අඩුයි. මේ චිත්‍රපටයේ ඒ සිංහල කාන්තාව ඔවුන් දෙමළ මිනිසුන් කියා දැනගත්තාට පසුවත් පෙර වගේම ඔවුන් හා කතා කරනවා. ඇය ඔවුන්ට රාත්‍රියේ යන්නට නොදෙන්නේ ඇයගේ සැමියාවත් ඇලින් විසින් මරා දැමූ නිසායි. අලින් ජාතියක් හඳුනන්නේ නැති නිසායි. මා මෙහි කියන්නට උත්සාහ කරන කතාව එයයි. එහි අවසානය ඔබටම නරඹන්නට ඉතිරි කරනවා.”
විශේෂ ස්තුතිය
පුෂ්පරාජා මහතාට සහ මහත්මියට
රංගනය
- ෆිලිප් මුරුගයියාහ්
- A. මදන්
- අමාලි රංගේ
- W. P. ඉන්ද්‍රානි
- S. ලීලසේන
- S. ලතූෂා
- J. A. හිමායා
- V. හිරුනි
- R. තුලාන්
ආලෝකකරණය
- තිනේෂ් බාබු
කැමරාකරණය
- ප්‍රබුද්ධිත කරුණානායක
සංස්කරණය
- M. සිල්වා
තිර රචනය සහ අධ්‍යක්ෂණය
- ජූලියන් ආනන්තරාමණන්