Model කෙනෙක් වුණාම අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා


2017-02-06-ent-53

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් වන උදාරි අද අප ඔබට හඳුන්වා දෙන නවක නිරූපිකාවයි. උසස්පෙළ අධ්‍යාපනය නිමවා ඉන්පසු වැඩිදුර අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින ඇය මෙසේ "සාරවිට" සමග කතාබහක නිරත විය.

 

මුලින්ම ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළොත්?

2017-02-06-ent-55මගේ නම උදාරි කාංචනා. වයස අවුරුදු 19යි. පදිංචිය පන්නිපිටියෙ. මම පවුලේ එකම දරුවා. අසාධාරණයක් බොරුවක් දැක්ක තැන මට ඉක්මනට තරහ යනවා. නැත්නම් මම හරිම අහිංසකයි.

 

නිරූපණය සඳහා යොමුවෙන්න හිතුණේ?

ඇත්තටම මට Modeling වලට ආසා හිතුණෙ මුලින්ම මගෙ Photography කරන යාළුවෙක් Photo shoot එකක් කරන්න ආරාධනා කළා. ඉන්පසුව එයා කිව්වා මට ටැලන්ට් එක තියෙනවා, නිරූපණ ක්ෂේත්‍ර‘යේ දුරගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ තමයි මගේ හැංගිලා තිබුණ දක්ෂතාවන් එළියට ආවේ.

 

ඔබ නිරූපණයෙන් දායක වෙලා තියෙන්නේ මොනවාටද?

ලංකාවේ Photo Shoot කීපයක් කරලා තියෙනවා. ඊට අමතරව Foreign Shoots කීපයක් කරලා තියෙනවා.

 

ඒවට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මම කරපු Photo Shoot ෆේස්බුක් එකෙන් දැකලා, මාව හඳුනගෙන තමයි ඒවාට දායක වෙන්න අවස්ථාව ලැබුණෙ.

 

ඔබ පවුලේ එකම දරුවා වෙලත් නිරූපණයට සම්බන්ධ වෙනවට පවුලේ අයගෙන් අකමැත්තක් තිබුණේ නැද්ද?

පවුලේ අයනම් මුලින් කැමති වුණේ නැහැ. එයාලට බයක් තියෙනවා මේ ක්ෂේත්‍රය ගැන. ඒත් මගේ ආසාව නිසා එයාලට ඒ දේට ඉඩනොදී ඉන්න බැරිවුණා.

 

වර්තමාන සමාජය නිරූපිකාවක් කියන කෙනා ගැන විවිධ මත තිබෙන්නේ. ඔබ කොහොමද මේ දේ දකින්නේ?

අපේ සංස්කෘතියත් එක්ක බලපුවාම එක එක අයගෙ තියෙන්නේ විවිධාකාර මත. Model කෙනෙක් වුණාම අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා. විවිධ වර්ගයේ ඇඳුම් භාවිත කරන්න වෙනවා. කෙනෙක්ට ඒ දිහා බලලා Modelගෙ ටැලන්ට් එක දකින්න පුළුවන් වගේම තවත් කෙනෙක්ට වෙනත් විදියකින් බලලා Model ගැන වැරදියට හිතන්න අවස්ථාව තියෙනවා. කොහොම වුනත් ඒක සමාජයේ හැටි. ඒක වෙනස් කරන්න අමාරුයි. ලංකාවේ තිබෙන තරඟකාරී බවත් එක්ක Modelsලට ඒ අභියෝගයට මුහුණ දෙන්නම වෙනවා. එහෙම නැතිව වෘත්තීමය ලෙස ක්ෂේත්‍ර‘යේ නියැළෙන්න අමාරුයි.

 

ඒ කියන්නෙ ඔබ නිරූපිකාවක් ලෙස ලැබෙන ඕනෑම නිරූපණ අවස්ථාවක් භාරගන්න සූදානම් කියන එකද?

නැහැ අරමුණ හොඳ, මට හොඳින් කරන්න පුළුවන් කියලා හිතෙන වැඩක් භාරගන්න කැමතියි.

 

නිරූපණය ඔබේ වෘත්තීය කරගන්නද ඔබේ සූදානම?

ඔව්. මම ඒකට කැමතියි.

 

ඔබ නිරූපණය පිළිබඳව යම්කිසි හැදෑරීමක් කරලා තියෙනවාද?

තවම නැහැ. ඉගෙනීම් කටයුතු එක්ක නිරූපණය ගැන හදාරන්න කාලයක් තිබුණෙ නැහැ. ඒ පිළිබඳව හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නිරූපණයෙන් හැකිතරම් ඉදිරියට යන්න වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගන්න බලාපොරොත්තු වෙනවා.

 

ඒ කියන්නේ ඔබ තවමත් ඉගෙනීමක් කටයුතු කරනවාද?

ඔව්. උසස්පෙළින් පසුව තවදුරටත් උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙනවා. මොනදේවල් කළත් ඉගෙනගන්න දේවල් අපතේ යන්නේ නැහැ.

 

ඔබට මතක් කළයුතු සහ ස්තූතිකළ යුතු පිරිසක් ඉන්නවාද?

ඔව්, මගේ අම්මා ඇතුළු පවුලේ සැම වගේම, ගයාන් අයියා, මිහිඳු අයියා, සමුදිත, මතීෂ අයියා, ඉෂාන් අයියා, ආලෝක අයියා සහ කවිෂ්ක අයියා ඇතුළු නම් කියන්න බැරි වුන ගොඩක් අය ඉන්නවා. ඒ හැම දෙනාටම ගොඩක් ස්තූති කරනවා.

 

දිනිත් කණිෂ්ක

 

2017-02-06-ent-54  
2017-02-06-ent-52