Marians unplugged with BNS කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී


2016-10-05-ent-48

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ඇතිව Marians unplugged with BNS live in Concert ලෙස මේ සිකුරාදා (07දා) කොට්ටාව ධර්මපාල පාසල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ප්‍රසංගය පිළිබඳව මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා පැවැසුවේ මෙවැන්නකි.

“ඒක මේරියන්ස් අන්ප්ලග් කොන්ස්ටර් එකක් විදිහටයි යන්නේ. මේරියන්ස් සහ BNS තමයි වැඩේ කරන්නේ. භාතියලාගේ සිංදු හරි අඩකුයි සහ අපේ සිංදු හරි අඩකුයි තමා මෙහිදී වෙන්නේ. මම හිතන්නෙ භාතියලාගේ ෆුල් ටීම් එකම එනවා මේ ප්‍රසංගය සඳහා. අපි කිහිපවිටකම ඒ අයත් එක්ක ප්‍රසංග පැවැත්වුවා අති සාර්ථකයි. මියුසිකලත් හොඳ බ්ලෙන්ඩ් එකක්. භාතිය සංතුෂ් යුගයේ ඉන්න පිරිසටයි, අසූව අනූව දශකවල ඉඳන් මේරියන්ස් අහන සංගීතලෝලීන්ටයි මේ රීමික්ස් එක අහපුවහම රසික රසිකාවියන්ට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. මේ ප්‍රසංගය එළිමහනේ පැවැත්වෙන්නේ. අපූරු අත්දැකීමක් වෙයි මේ කණ්ඩායම් දෙක එකට එකතු වුණාම. මීට පෙර පවත්වපු ප්‍රසංගවලත් මේ බ්ලෙන්ඩ් එක හොඳට මික්ස් වුණා වගේම මිනිස්සුත් හොඳට විනෝද වුණා. ඒක මම හිතනවා හොඳ ප්‍රසංගයක් වෙයි කියලා.” යනුවෙනි.

 

2016-10-05-ent-49 2016-10-05-ent-50