Let the caterpillars to be butterflies by Sumudu Malalagama


ළමා අපයෝජනයට එරෙහිව නැගී සිටිමු යන තේමාවෙන් සැකසුනු මෙම කෙටි චිත්‍රපටය සුමුදු මලලගමගේ අධ්‍යක්ෂණයකි. ළමා අපයෝජනය ඔබ නොසිතනා ශාරීරික නොවන පැතිකඩවලින් නොයෙක් වූ ආකාරයෙන් සිදු වෙනවා. එය ශාරීරිකව සිදුවනවාට වඩා දැඩි හානියක් ළමා මනසට සිදු කරනවා. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක සුමුදු මලලගම දක්වන අදහස.

“මේක වැඩමුළුවකට හදපු එකක්. ඒකෙ කතා කරන්න තිබ්බෙ සමාජයීය ප්‍රශ්න ගැනයි. අපි ළමයින්ට කියනවා එළියට යනකොට පරිස්සම් වෙන්න කියලා. ඒත් ළමුන් පරිස්සම් විය යුත්තේ ගේ ඇතුළෙන්මයි. ඒක අදහස් කරවන්නයි මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කළේ. මේ කෙටි චිත්‍රපටය තනි කැමරා ෂොට් එකකිනුයි හදලා තියෙන්නෙ. ඒක මම ෆෝන් කෝල් එකක් කියලා පේන්න කරපු දෙයක්. “

 

රංගනය

  • රන්දි කළුආරච්චි
  • නිලූකා වනිගරත්න

 

අධ්‍යක්ෂණය

  • සුමුදු මලලගම

 

කැමරා අධ්‍යක්ෂණය

  • චානක විජේමුනිගේ

 

සංස්කරණය සහ හඬ නිර්මාණ

  • මාධව විමුක්ති ගුණසේකර

 

ඡායාරූප

  • විරාජ් ලියනාරච්චි

 

රචින්ත ජයවර්ධන