Have a nice day - Short Film


Have-a-nice-day-1

කෞෂල්‍ය පතිරණගෙ නිර්මාණයක්. එය කෙටි චිත්‍රපටයක්. ලංකාවෙ මිනිස්සුන්ට කෙටි චිත්‍රපට දුරස් වුනත් කෙටි චිත්‍රපටයත් ලංකාවත් අතර කිට්ටුවන්ත සම්බන්ධතාවයක් තියෙනවා. ඒ දිනෙන් දින නව නිර්මාණ සමග එන කෙටි චිත්‍රපට කරුවන් නිසායි.

මෙය එක් පසුතලයක් සහ එක් නිළියක් යොදාගෙන සිදුකළ නිර්මාණයක්. එහි නම Have a nice day. සමනලී ෆොන්සේකාගෙ රංගනය ඔස්සේ 2013දී නිමැවුනු මෙම නිර්මාණය කතා කරන්නෙ අනාගතේ දවසක් ගැන. අනාගතේ දවසක ගබ්සාව නීතිගත වුනොත් ලංකාවට මොනව වෙයිද?

ඔබේ හිතේ ඒ සම්බ්න්ධ අදහසක් තිබෙනවාද? එසේනම් ඔබ මෙම නිර්මාණය නැරඹිය යුතුමයි. එවිට ඔබට ඔබේ සිතැඟි ගලපා ගැනීම පහසු වේවි.

ඔබේ සිතේ ඒ සම්බන්ධ අදහසක් නැතිද? එසේනම් Have a nice day ඔබ නැරඹිය යුතු වන්නේ එම අදහස් ගොඩනැගාගැනීමට උත්පාදක මුල් එහි ඇති නිසායි.

Have a nice day නම් වූ සුබපැතුම මෙම නිර්මාණය පුරාම ඇතුළත් වුනත් ඇත්තටම අනාගතයේ දවසක අපගේ ජීවිතවලට nice කියන්න පුළුවන් කමක් තියෙයිද?

නිර්මාණයක කාලය, එය ආලෝකවත් කළ ලයිට් ප්‍රමාණය, එහි කැමරාව මොබයිල් ෆෝන් කැමරාවක්ද? සුපිරි රෙඩ් කැමරාවක්ද?, නළු නිළියන් ගණන හෝ ලොකේෂන් පිළිබඳ නොසිතා සිනමාත්මකව සිතිය යුතු මෙම මිනිත්තු දොළහක කාලය වඩා මානුෂීය හෙටකට දොර හරිනු ඇත.

 

රචින්ත ජයවර්ධන