Fukrey චිත්‍රපටයේ දෙවැන්න


2016-11-22-ent-22

2003 වසරේ තිරගත වූ හාස්‍යමය චිත්‍රපටයක් වූ ‘Fukrey’ චිත්‍රපටයේ දෙවැනි කොටස රැගත් චිත්‍රපටයේ රූපගත කිරීම් පසුගියදා ආරම්භ කරනු ලැබීය. මිර්ගාඩිප් සිං ලම්බා විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය සඳහා 2003 වසරේ තිරගත වූ චිත්‍රපටයේ රඟපෑ බොහෝ නළුනිළියන් පිරිසක් සම්බන්ධ වී සිටින බවටද තොරතුරු ලැබේ.

මෙහි ප්‍රධාන චරිත ලැබී ඇත්තේ පුල්කිට් ස්ම්රාත්, වරූන් ෂර්මා, රීචා චඩ්ඩා එක්වෙන අතර, අලුතින් මෙම චිත්‍රපටය සඳහා ප්‍රියා ආනන්ද්, විශාඛා සිං දායකවී තිබේ.

2003 වසරේ තිරගත වූ ‘Fukrey’ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක එකක් වු අතර, එය වසර 13කට පසුව නැවත වරක් එහි දෙවැන්නක් නිර්මාණය කරන්නට කටයුතු කිරීම බොහෝ පිරිසකට ප්‍රශ්නාර්ථයක් වී ඇත. මන්දයත්, මේ වනවිට පළමු චිත්‍රපටයේ රඟපෑ නළුනිළියන්ගේ ස්වරූපය ඉතා වෙනස්වී තිබීමයි.