(ගයාන් සූරියආරච්චි)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත්තේය.
ඒ කන්ටේනර් බාහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
හිටපු අමාත්‍යවරයා අද පෙරවරු 10.45 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර පස්වරු 12.15 ට පමණ ඉන් පිටව ගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුවට පැමිණ තිබුණි.