Bridal පැත්තෙන් ඉදිරියට යන සසංකා


2016-10-11-ent-80

නිරූපණයට ක්‍ෂේත්‍රයට නවකයෙකු වුවද ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් සිටිති. සසංකා හංසනී නම් මෙම නව යෞවනිය නිරූපණයේ අලුතින් පෑයූ තරුවක් කීවොත් වැරදි නැත. සසංකා ඇගේ තොරතුරු ‘සාරවිට’ හා පැවසුවේ මෙලෙසිනි.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-10-11-ent-79මම සසංකා හංසනී

 

මොනවද කරන්නේ?

දැනට නම් මම මොඩ්ලින් කරනවා.

 

ඒක ජොබ් එකද?

දැනට නම් එහෙම තමයි.

 

නිරූපණය හොඳයි කියලා හිතනවාද?

ඔව් හොඳයි. මොකද තමන් හොඳයි නම් ඕනෑම තැනක හොඳින් ඉන්න පුළුවන් කියලා හිතනවා.

 

ඇයි නිරූපණය තෝරගත්තේ?

ඒක අහම්බෙන් වුණු දෙයක්. පස්සේ මං නිරූපණය තෝරගත්තා. ඒක නිදහස් ඒකයි.

 

අහම්බෙන් වුණා කිව්වේ?

මුලින්ම ෂෝ එකකට ඩ්‍රෙස් කළා හඳුනන අක්කා කෙනෙක්. ඊට පස්සෙ තමා ආසා හිතුණේ. ඉතිං දිගටම දැන මොඩ්ලින් කරනවා කියලා හිතුවා.

 

මොඩ්ලින් ගැන ඉගෙන ගෙන තියෙනවාද?

තාම නම් නැහැ. ඉස්සරහට ඒ ගැන මං ඉගෙන ගන්න හිතන් ඉන්නවා. ඕනෑම දෙයක් දැනගෙන යන එක හොඳයිනෙ.

 

මොඩ්ලින්වලත් විවිධ පැතිකඩයන් තියෙනවා නේද? ඔයා කැමති මොන නිරූපිකාවක් වෙන්නද?

මං ගොඩක් කැමති බ්‍රයිඩල් පැත්තෙන් ඉදිරියට යන්න තමයි.

 

ෆැෂන් පැත්තට කැමැත්තක් නැද්ද?

අකමැත්තක් නැහැ. ඒත් මං ගොඩක් කැමති බ්‍රයිඩල් පැත්තටයි.

 

ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න නවකයන් වැරැදි මාර්ග තෝර ගන්නවා නේද?

ඒක නම් මොඩ්ලින් ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි හැම ෆීල්ඩ් එකකම තියෙන දෙයක්නෙ.

 

ඇයි දැන් හැම තරුණියක්ම නිරූපණය කරන්න පෙළඹෙන්නේ?

ඒක නම් දන්නේ නැහැ. දැන් ගොඩක් අය මොඩ්ලින් කරනවා නම් තමයි. දැන් ගොඩක් අය මේ ෆීල්ඩ් එකට කැමතියි.

 

ගෙදරින් කැමතිද මේ දේට?

ගෙදරින් නම් ලොකුවට කැමැත්තක් නැහැ.

 

ඉදිරි කටයුතු මොනවද කිව්වොත්?

මං ෆැෂන් ඩිසයිනින් ගැන ඉගෙන ගන්නයි ඉන්නේ.

 

උදවු කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

මට මේ තැනට එන්න උදවු කරපු ගොඩක් අය ඉන්නවා. නම් කියන්න ගියෝත් ගොඩක් අය ඉන්නවා. මට උදවු කරපු රූපලාවණ්‍ය ශිල්පීන් ගොඩක් ඉන්නවා. ඒ හැමෝටම ස්තූති කරන්න ඕනේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-10-11-ent-84
2016-10-11-ent-83
2016-10-11-ent-82
2016-10-11-ent-81
2016-10-11-ent-78