Blood by Anoma Weerasekara


2011 වසරේ හොඳම යෞවන කෙටි චිත්‍රපටය ලෙස තේරී පත්වුනු මෙම නිර්මාණය, සමාජය විසින් ඉතා හොර රහසේ කතිකා කරන මාතෘකාවක් පෝෂණය කරයි. ලෙය සහ ගැහැනිය සම්බන්ධයෙන් ඇති සැඟවුනු මාතෘකා සමග ගෙවෙන කතා අතරේ මෙය සමාජයේ විවෘත කතිකාවතක් ඇති කරනු රිසියෙන් නිර්මාණය කෙරුනේ වෙයි. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා අනෝමා වීරසේකරගේ අදහසයි.

“මම මේක ලියන්න ජයතිලක කම්මැල්ලවීරයන්ගෙන් අවසර ඉල්ලද්දි ඔහු කිවුවෙත් ඔහුගේ නිර්මාණයට අසාධාරණයක් නොකරන ලෙසයි. ඒ වගේම ඔහු මගේ නිර්මාණය බලලා ඒ ගැන ඉතාමත් සතුටු වුනා. මොකද ඔහු විශ්වාස කළා මම මගේ නිර්මාණය හොඳින් සිදු කර ඇති බවට. මේ නිර්මාණය කෙරෙන්නෙ මෙය සිදුකල කාලයේ දකුණු ආසියාවේ දැඩි කතාබහට ලක්වුනු ගැහැනුන්ගේ අර්බුදකාරී ගැබ්ගැනීම් ගැනයි. මෙහි සිටින ජයනි සේනානායක සාමාන්‍යෙයන් දරුවන්ට ආදරය කරන මවක්. ඇයට තුන්වැනි දරුවා ප්‍රශ්නයක් වන්නේ ඇගේ ආර්ථික අපහසුතා නිසායි.”

ජයතිලක කම්මැල්ලවීරගේ කතාවක් ඇසුරෙනි.

 

රංගනය 

  • ජයනි සේනානායක
  • දිලුක් ශ්‍රියානි
  • මානෙල් ප්‍රියන්ති
  • ප්‍රභාත් මධුෂංක

 

සහය අධ්‍යක්ෂණය

  • නිලානි ආරියරත්න

 

වේෂ නිරූපණය

  • තාරක අධිකාරී

 

සංගීතය

  • රුක්ෂාන් සුබසිංහ

 

කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය

  • දර්ෂණ මාපා පතිරණගේ

 

නිෂ්පාදනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය

  • අනෝමා වීරසේකර

 

රචින්ත ජයවර්ධන