(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය නුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය, ඉසින්බැස්සගල පූනෑව ඉසිපතන මහා විද්‍යාලය ආසන්නයේදී වල් අලි පහරදීමෙන් ඊයේ (21) රාත්‍රියේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ යතුරුපැදියකින් පූනෑව කිඩවරන්කුලම ප්‍රදේශයේ සිට මැදවච්චිය බලා ධාවන කළ පිරිසකට වල් අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
වල් අලි පහරදීමෙන් මැදවච්චිය, පූනෑව, කිඩවරන්කුලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි රන්දික මොහාන් ගුණපාල නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අදාළ ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අශෝක කරුණාරත්න නමැති පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයාගේ සිරුර අනුරාධපුර රෝහලේ තැන්පත් කොට ඇති අතර තුවාල ලැබු පුද්ගලයා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අනුරාධපුර රෝහලට මාරුකොට යැවූ බවට පරික්ෂණ සිදු කරන මැදවච්චිය පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.