පිළියන්දල ප්‍රදේශයේ දෙමහල් නිවසක නිවසක් පිටුපස තාවකාලික කාමරයක සිටි 82 දි නැන්දම්මාට වද හිංසා කළැයි සැකපිට 52 දි ලේලියක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විලාප හඬ ඇසී අසල්වැසියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදු විය.
ඇයට ගල් පහරක් වැදී ඇතැයි ද, බීමට දුන් වතර බෝතලයේ දිය සෙවෙළ බැඳී ඇතැයි ද පොලිසිය කියයි.
විශ්‍රාමික බැංකු නිලධරයකුගෙන් ද මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගෙන ඇත.