ශ්‍රී ලංකාවේ 69 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිරියේදි අද අභිමානවත් ආකාරයෙන් පැවැත්වුණි.
‘ජාතික සමගිය‘ මෙවර ජාතික නිදහස් දින තේමාව විය. උත්සවය භූමියට පැමිණි ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මැතිනිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහත්වරුන් පිලිගත් අතර ජාතික ධජය එසවීමෙන් උත්සවය වැඩකටයුතු ආරම්භ කෙරිණි.
කොළඹ පාසල් 11 කට අයත් සිංහල දෙමළ සහ මුස්ලිම් පාසල් දරුවන් එක්ව ජාතික ගීය ගායනා කළඅතර ආරක්ෂක අංශ ඉදිරිපත් කළ ආචාර පෙළපාලියෙන් ද හමුදා සංදර්ශනයෙන් ද නිදහස් උළෙල විචිත්‍රවත් කෙරිණි.
හිටුපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක කරු ජයසූරිය, මැති ඇමැතිවරු, තානපති නිලධාරීහු, ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති මෙම අවස්ථාවට එක් සිටිති. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ හා ශිෂ්‍ය භට බාලක සිසුන් ද ඇතුළුව අට දහාසක ආසන්න පිරිසක් නිදහස් උළෙලේ ආචාර පෙළපාලිය එක්ව සිටිති.
ඡායාරූප ශාන්ත රත්නායක












