(නිමල කොඩිතුවක්කු)
ටවර් හෝල් රඟහල පදනමේ ටවර් ශිල්පි අරමුදලෙන් සහ ප‍්‍රසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුබසාධක අරමුදල මගින් දීමනා ලබන වයස අවුරුදු 60ට වැඩි කලාකරුවන් 179 දෙනෙකු සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව රුපියල් 1000 කින් වැඩිකර තිබේ.
ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් භාරකාර මණ්ඩලය මගින් ගත් තීරණයක් මත එම මාසික දිමනාව ඉහළ නංවා තිබේ.
උසස් අධ්‍යාපන හා සංස්කාතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ටවර් හෝල් ප‍්‍රසාංගික කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබාදීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමුව ඇත.
ටවර් හෝල් රඟහල පදනම විසින් ආරම්භ කර ඇති පස් අවුරුදු සංවර්ධන සැලැස්ම යටතේ මෙරට නාට්‍ය හා රංග කලා ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරිමටද අවධානය යොමුව තිබේ.