රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා රන් බිස්කට් තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණී හැට හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද සවස අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඉවතට ගත් රන් බිස්කට් තුනෙහි බර ග්‍රෑම් 375 කි.
ඇය අද සවස ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 135 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන සරෝජ් චන්ද්‍රසේන, අචල චන්ද්‍රසේකර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, වී කුලසේකර, නිරෝෂා විජේතුංග, රොහාන් ප්‍රනාන්දු, ලසන්ත පෙරේරා, කේ.එච්.ජී.ජී චාමර යන නිලධාරීහු සිදුකරති.

