595ක් සුවය ලබා පිටව යති


 
කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 595දෙනෙකු පූර්ණ සුවය ලබා අද(09) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව, මෙතෙක් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 8880කි.

ආසාදිතයෝ 5014ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

අද දිනයේදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. ඒ 239දෙනෙකි.

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කෝරෝනා ආසාදිතයන් ගණන 13929ක් වන අතර, 35දෙනෙකු මිය ගොසිනි.