52 වැනි විරු සමරුවෙන්


ජනතා විමුක්ති පෙරමුණ 52 වැනි වරට සංවිධානය කළ අප්‍රේල් විරු සමරුව ‘‘සදා සමරමු සොහොයුරෝ’’ මැයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී ඊයේ (5) පස්වරුවේ පැවැත්විණ.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පොල්තෙල් පහන් දල්වා සැමරුම් උත්සවය ආරම්භ කළ අයුරු.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජවිපෙ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක යන මහත්වරුද සහ ක්‍රියාකාරකයන් මෙහි වෙති.

ඡායා - මාතලේ මහේෂ් කීර්තිරත්න