පරණ මිලටම දුම් පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා බොහෝ පළාත්වල දුම් පරීක්ෂණ ස්ථානවල වාහන පෝලිම් ගැසී ඇතැයි අපේ වාර්තාකරුවෝ කියති.
ලබන ජනවාරියේ සිට රෝද හතරේ වාහන සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කර ඇත.
පරණ ගාස්තුව රුපියල් 1100කි.
එම ගාස්තුවට දුම් පරීක්ෂණය කර ගැනීම සඳහා මෙම වාහන හිමියන්ගේ අරමුණ බව කියති.
මෙතක් පැවති ගණන් අනුව යතුරු පැදියක් සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 410කි. ත්‍රීවීලරයක් සඳහා රුපියල් 505ක් ද, කාරයක් සඳහා 1100ක් ද, ද්විත්ව කාර්ය වාහන සඳහා 1190ක් ද, බස් රියක් සඳහා 1100ක් ද, ලොරියක් සඳහා 1150ක් ද අය කරයි.

![DSC07652[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076521.jpg)
![DSC07657[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076571.jpg)
![DSC07664[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076641.jpg)
![DSC07673[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076731.jpg)
![DSC07685[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076851.jpg)
