3000 අල්ලසක් ගත් පී.සී රිමාන්ඩ්


(රොෂන් තුෂාර)

රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය.

මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ කේ .වි. චිත්‍රානන්ද නමැති පොලිස් සැරයන් වරයෙක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

කල් ඉකුත් වූ බර වාහන රියැදුරු බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා තුන්දාසක මුදල ලබාගෙන ඇති බව අධිකරණයේදී කියැවිණි.